ඉදිරියේ දී ශ්‍රී ලංකා ටෙස්ට් තරග සංචාරය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස්ට අහිමිවනු ඇති බවට වාර්තා වේ.
ඒ කමින්ස්ගේ දෙවන දරුවාගේ උපත හේතුවෙනි.
ඒ අනුව ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන නායක ලෙස ස්ටීවන් ස්මිත් කටයුතු කරනු ඇති බවට වාර්තා වේ.
වෝන් – මුරලි කුසලානය වෙනුවෙන් තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ජනවාරි 29වනදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වේ.
මෙම තරගාවලිය ICC ටෙස්ට් ලෝක ශූරතාව යටතේ පැවැත් වේ.