ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ වැඩිම සාමාන්‍ය හිමි ක්‍රීඩකයා බවට කමිඳු මෙන්ඩිස් පත්වේ.
ඔහු පළමු ස්ථානයට පත්ව තිබෙන්නේ ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ 94.3ක ඉහළම ලකුණු සාමාන්‍ය වාර්තා කරමිනි.කමිඳු මෙන්ඩිස් මෙතෙක් ටෙස්ට් ක්‍රිකට් තරග 8ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු අඛණ්ඩවම එම සෑම තරගයකදීම අර්ධ ශතක රැස් කිරීමට සමත්ව තිබෙනවා.
එසේ අඛණ්ඩව සෑම තරගයකදීම අර්ධ ශතක රැස් කළ පළමු ක්‍රීඩකයා වන්නේ ද කමිදු මෙන්ඩිස් ය.
එමෙන්ම ලොව දෙවන වේගවත්ම ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කිරීමට ද ඔහුට හැකිවිය.
දොන් ඩ්‍රැඩ්මන්ගෙන් පසුව 1950 වසරේ සිට මේ දක්වා වාර්තා වූ ප්‍රවේගකාරීම ටෙස්ට් ශතකය,ආසියාවේ වේගවත්ම ටෙස්ට් ක්‍රිකට් ශතක පහ සහ ආසියාවේ වේගවත්ම ටෙස්ට් ලකුණු දහස යන වාර්තා සියල්ලටම හිමිකම් කීමට කමිදු මෙන්ඩිස් මේ වනවිට සමත්ව තිබේ.