කොංගෝවේ හදුනානොගත් රෝගයක් පැතිරෙයි.

  • Home
  • /
  • News
  • /
  • කොංගෝවේ හදුනානොගත් රෝගයක් පැතිරෙයි.

කොංගෝ ජනරජයේ පුද්ගලයන් 400කට වැඩි පිරිසක් හදුනා නොගත් රෝගී තත්ත්වයකට ගොදුරු වී ඇති බවත් 31දෙනකු දැනටමත් ජීවිතක්ෂයට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ‘X‘ නමින් දැනට හඳුන්වා දී ඇති එම රෝගී තත්ත්වය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය ද අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පසුගිය ඔක්තෝබර් මාසයේ 24 වැනිදා සිට දෙසැම්බර් 8 වැනිදා දක්වා කාලය ඇතුළත කොංගෝ ජනරජයේ පුද්ගලයන් 406දෙනකු එම රෝගයට ගොදුරු වී ඇති බවත්, ජීවිතක්ෂයට පත්වූවන් අතුරින් වැඩි පිරිසක් කුඩා දරුවන් බවත් වාර්තා වේ.කොංගෝ ජනරජයේ නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ එම දත්ත සංඛ්‍යා ලේඛන වාර්තා වන්නේ රෝහල්ගත වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පමණක් බවය. මේ රෝගී තත්ත්වය පිළිබඳ එරට සෞඛ්‍ය බලධාරීන් මෙතෙක් කරුණු කිසිවක් සොයාගෙන නැති අතර, එය නිව්මෝනියා තත්ත්වයක් විය හැකි බවට දැනට අනුමාන කර තිබේ.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025