ගසා තීරයට තවත් ප්‍රශ්නයක්

  • Home
  • /
  • News
  • /
  • ගසා තීරයට තවත් ප්‍රශ්නයක්

සති 10කට අධික කාලයක සිට ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආහාර සැපයීම අවහිර කිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ ජීවත්වන සිවිල් වැසියන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ හේතුවෙන් ළමුන් බොහෝ පිරිසක් මන්දපෝෂණයටද ගොදුරු වී ඇති බවද තවදුරටත් සඳහන් කරයි. ගාසා තීරයේ වැසියන්ට දිනකට ආහාර ලබාගැනීමට හැකියාව පවතින්නේ එක් අවස්ථාවකදී පමණක් බව මේ පිළිබදව අදහස් දක්වමින් එම ප්‍රදේශයේ රෝහල්වල වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම ගාසා තීරයට ඉන්ධන සහ ඖෂධ සැපයුමද, ඊශ්‍රාලය අත්හිටුවීමත් සමග එහි ජනතාවගේ පැවැත්ම දැඩි අභියෝගාත්මක වී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේය.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025