නඩුව

රතු පටිය සමග කළු සාටකය දමා ගත් 

මහා විනිසුරු තුමන් මුල් අසුන අරා ඇත

කිරිපාට කමීසය උඩින්, කළු සාටකය 

පැළඳගත් නියැදුරෝ වදන් හරඹය කරති. 

එකිනෙකා පරයමින් ජූරියේ සභිකයෝ සිටිත් 

නෙත සිත යොමා

ලියති නිලදරු පිරිස කඩිනමින් ගරු ලෙසින් 

පත්තරෙන් පැමිණියෝ ලියති අඩුවක් නොවී

පොලිසියෙන් සිරගෙයින් පැමිණියෝ පසෙක වෙති 

සුදුවතින් සැරසිලා සාක්කිය කියනවා 

අසන ලද දකින ලද සියල්ලම කියනවා

සිව් දෙනෙත් විමතියෙන් 

විත්ති කූඩුවේ සිට හිරව බිය සැක අතර 

දුක් සුසුම් හෙළනවෝ

 

යටියන පුෂ්පකුමාර

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025