නත්තල් සමයේ දී Covid-19 ඉහළට:වික්ටෝරියා ජනතාවට අනතුරු ඇඟවීමක්

  • Home
  • /
  • News
  • /
  • නත්තල් සමයේ දී Covid-19 ඉහළට:වික්ටෝරියා ජනතාවට අනතුරු ඇඟවීමක්

වික්ටෝරියා ප්‍රාන්තය නත්තලට පෙර Covid-19 රෝගීන්ගේ තියුණු වැඩිවීමක් අත්විඳිමින් සිටින අතර, අනතුරු ඇඟවීමක් නිකුත් කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් විමසිල්ලෙන් සිටී.

 

නවතම කොවිඩ් නිරීක්ෂණ වාර්තාවට අනුව, රජයේ රෝහල්වල කොවිඩ් ආශ්‍රිත ඇතුළත් කිරීම් 59% කින් ඉහළ ගොස් ඇති අතර, පසුගිය සතිය තුළ රෝගීන් 197 ක් වාර්තා වී ඇත. 

 

පසුගිය මාසය තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ද 44% කින් ඉහළ ගොස් තිබේ. 

 

ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ක්ලෙයාර් ලුකර් ජනතාවගෙන් සහ විශේෂයෙන් අවදානම් කණ්ඩායම්වලින් ඉල්ලා සිටින්නේ, අසනීප වූ විට නිවසේ රැඳී සිටීම, අවදානම් සහිත ස්ථානවල මුඛ ආවරණ පැළඳීම සහ දරුණු රෝගවලින් ආරක්ෂා වීම සඳහා එන්නත් පිළිබඳව යාවත්කාලීනව සිටීම වැනි පූර්වාරක්ෂාවන් පිළිබදව පියවර ගන්නා ලෙසයි. 

 

Covid-19 හි රෝග ලක්ෂණ ලෙස කැස්ස, උගුරේ අමාරුව, උණ, තෙහෙට්ටුව සහ බඩේ අමාරු ගැටළු ඇතුළුව සහ වෙනස් රෝග ලක්ෂණ ද පෙන්නුම් කළ හැකි බව පැවසේ.

Don't forget to share this post!

Recent Posts

063_2216576207
May 30, 2025