නවසීලන්ත සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • නවසීලන්ත සංචාරයට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි.

නවසීලන්තය සමඟ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා විස්සයි විස්ස සංචිතය ඊයේ(18) නම් කර ඇත.ශ්‍රී ලංකා විස්සයි විස්ස නායකත්වය දරන්නේ චරිත් අසලංක වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 16දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇත.

පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු,කමිදු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂ යන ක්‍රීඩකයින් පිතිකරුවන් ලෙස මෙම සංචිතයට ඇතුළත් කර ඇත.වනිදු හසරංග ,මහේෂ් තීක්ෂණ ,ජෙෆ්රි වැන්ඩසේ, චමිදු වික්‍රමසිංහ, මතීෂ පතිරණ,නුවන් තුෂාර,අසිත ප්‍රනාන්දු සහ බිනුර ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත් කර තිබෙන්නේ පන්දු යවන්නන් ලෙසයි.

ඒ අනුව පළමු විස්සයි විස්ස තරගය ලබන 28 වනදා පැවැත්වෙන අතර දෙවන සහ තුන්වන තරග ලබන 30 වනදා සහ ජනවාරි 02 වනදා පැවැත්වීමට නියමිතයි.නවසීලන්ත-ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන හෙට (20) දිවයිනෙන් පිටත්වීමට නියමිතයි.

Don't forget to share this post!

Recent Posts

388030
February 5, 2025