නැගී එන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

  • Home
  • /
  • Sports
  • /
  • නැගී එන ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි

ACC Men’s T20 Emerging Teams Asia Cup පන්දුවාර විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා A කණ්ඩායම ඊයේ (22) සමත් විය.

 

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 161 ක් ලබාගත්හ.

 

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක ලකුණු 42 ක්, ලහිරු උදාර ලකුණු 35 ක්, සහන් ආරච්චිගේ ලකුණු 30 ක් ලබා ගැනීමට සමත් විය.

 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි.

 

ශ්‍රී ලංකාව ලැබූ මෙම ජයත් සමග A කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

Don't forget to share this post!

Recent Posts

133
October 23, 2024