සිය ගමන් මලුවල පෞරාණික තුවක්කුවක් රැගෙන ඕස්ට්‍රේලියාවෙන් පිටවීමට උත්සාහ කළ පුද්ගලයෙකු දෙසැම්බර් 28 වැනි දින සිඩ්නි ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගන්නා ලදී. X-ray ස්කෑන් පරීක්ෂණයේ දී 39 හැවිරිදි ඇන්ටෝනියෝස් මූසාගේ පරීක්ෂා කරන ලද ගමන් මලුවල තිබූ වෙඩි බෙහෙත් කොටස් සහ පතොරම් පිළිබදව අනාවරණය වීමෙන් පසු ආරක්ෂක අංශ විසින් ඔහුට විරුද්ධව ක්‍රියාමාර්ග ගෙන ඇත. ඔහු ලෙබනනයට පියාසර කිරීමට සූදානම්ව සිටි අතර ඕස්ට්‍රේලියාවෙන් පිටතට තහනම් ගිනි අවි හෝ ගිනි අවි කොටස් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
ඔහුගේ නීතීඥවරයා තර්ක කළේ තුවක්කුව අවුරුදු 80ක් පමණ පැරණි කැඩුණු, තුවක්කුවක් නිසා එය ක්‍රියා විරහිත බවයි. එසේ තිබියදීත්, මහේස්ත්‍රාත් Hugh Donnelly වසර 20ක් දක්වා සිරදඬුවම් නියම කළ හැකි චෝදනාවල බරපතලකම සටහන් කළේය. බහු ව්‍යාපාරවල අධ්‍යක්ෂවරයකු වන මූසාට ඇප ලබා දී ඇති නමුත් සතියකට දෙවරක් පොලිසියට වාර්තා කළ යුතුය. ඔහුගේ ගිනි අවි බලපත්‍රය අත්හිටුවා ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.