බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක තමීම් ඉක්බාල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇත.ඉක්බාල් එලෙස සිය සමුගැනීම නිවේදනය කළේ දෙවැනි වරටය.35 හැවිරිදි තමීම් ඉක්බාල් 2023 වසරේ ජුලි මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිවේදනය කළ නමුත් පැය 24ක් ගතවීමටත් මත්තෙන් තමීම් ඉක්බාල් එම තීරණය වෙනස් කරමින් තවදුටත් ජාත්‍යන්තර තරග වෙනුවෙන් ක්‍රීඩා කරන බව නිවේදනය කර තිබුණි. ඔහු මෙලෙස සිය තීරණය වෙනස් කර ඇත්තේ බංග්ලාදේශ අගමැති මැදිහත් වී ජාත්‍යන්තර ක්‍රිකට් තරග වෙනුවෙන් තවදුරටත් ක්‍රීඩාකරන මෙන් කළ ඉල්ලීමත් සමඟය.ඉන්පසු තරග වෙනුවෙන් එක් වූ තමීම් නැවතත් මෙලෙස සමුගන්නා බව නිවේදනය කිරීමත් සමඟ බංග්ලාදේශ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් රැසක් ඔහුගෙන් මෙම ඉල්ලීම පිළිබඳ නැවත සිතා බලන්න යැයි පවසා තිබේ.නමුත් තමීම් තම තීරණය වෙනස් නොකරන බව සඳහන් කර ඇත.තමීම් ඉක්බාල් බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට්,එක්දින සහ 20යි 20 තරග 391කට ක්‍රීඩාකර ඇති අතර ලකුණු සංඛ්‍යාව 15,249කි.