අවශ්‍ය ද්‍රව්‍ය
ක්‍රොසන්ට් පුඩින් (180c)
නැවුම් ක්‍රීම් මිලිලීටර් 135
සීනි ග්‍රෑම් 35
බිත්තර කහ මද 02
සුදු චොකලට් කැබලි ග්‍රෑම් 25
ක්‍රොසන්ට් 01 (ඉතුරු වුණු කැබලි)
සාදා ගන්නා ක්‍රමය
- රැමකින් කෝප්පයක් (ramekin cup) තුළ ක්‍රොසන්ට් සහ සුදු චොකලට් කැබලි අතුරන්න.
- බිත්තර කහ මද සහ සීනි හොඳින් මිශ්‍ර කර පසෙකින් තබා ගන්න.
- නැවුම් කිරි රත් කර, ඉහත බිත්තර-සීනි මිශ්‍රණයට එකතු කරගන්න.
- මිශ්‍රණය, සකස් කරන ලද ක්‍රොසන්ට් කෝප්පයට පෙරා ගන්න.
- වතුර භාජනයක් උඩ තබා (water bath) ඔබේ ක්‍රොසන්ට් මිශ්‍රණය 180c උෂ්ණත්වය යටතේ, උඩ කොටස ඉරි තලා, මිශ්‍රණය මැද පදමට පිළිස්සෙන තුරු හොඳින් බේක් කරගන්න.
මිශ්‍ර පළතුරු කොම්පෝට් (Compote)
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි කැරමල් ග්‍රෑම් 100
තැඹිලි යුෂ මිලිලීටර් 25
මිශ්‍ර පළතුරු ග්‍රෑම් 100
සාදා ගන්නා ක්‍රමය
- ඝන පතුලක් ඇති භාජනයක (pan), රන් පැහැ දුඹුරු පාටක් වන තුරු සීනි කැරමල් කරගන්න.
- දොඩම් යුෂ, සීනි කැරමල් සමඟ මිශ්‍ර කර අඩු ගින්දරේ උණු කරගන්න.
- උණු කරගත් මිශ්‍රණය ලිපෙන් බාගෙන, එයට මිශ්‍ර පළතුරු එකතු කර, අමුත්තන්ට පිළිගන්වන තුරු පසෙකින් තබන්න.
වැනිලා අයිස් ක්‍රීම් හෝ ඔබ කැමති අයිස් ක්‍රීම් වර්ගයක් සමඟ රස විඳින්න!