රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි.

ඉන්දියාවෙන් බිහිවූ විශිෂ්ට පිට දඟ පන්දු යවන්නෙක් වන රවිචන්ද්‍රන් අශ්වින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබේ.ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර බ්‍රිස්බෙන් හිදී ඊයේ (18) අවසන් වූ තුන්වැනි ටෙස්ට් තරගය අවසානයේ දී ඔහු ඒ බව නිවේදනය කර තිබුණි.අශ්වින් 2010 වසරේ සිට වසර 14කට වැඩි කාලයක් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ඉන්දියාව නියෝජනය කළ අතර,ඔහු ටෙස්ට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 537ක් බිඳහෙළා සිටියේය.බෝඩර්-ගවස්කාර් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන තරග 5කින් යුත් තරගාවලියේ තවත් තරග 2ක් ඉතිරිව තිබියදී ඔහු මෙම තීරණය ප්‍රකාශයට පත්කිරීම විශේෂත්වයක්ය.මේ වනවිට 38 වැනි වියේ පසුවන අශ්වින් ටෙස්ට් පිටියෙන් සමුගන්නේ අනිල් කුම්බ්ලේගෙන් පසු ඉන්දියාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නා ලෙසය.එමෙන්ම අශ්වින් මේ වනවිට ලොව වැඩිම ටෙස්ට් කඩුලු දවාගත් පන්දු යවන්නන් අතර 7වැනි ස්ථානයේ රැඳී සිටියි.

Don't forget to share this post!

Recent Posts

Prague-shooting
February 5, 2025