Facebook, Instagram සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාලවල සිදු වූ බිඳවැටීම් මේ වනවිට යථාතත්ත්වයට පත් කර ඇති බව Meta සමාගම පවසයි.ඇති වූ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් අදාළ යෙදුම් සඳහා ප්‍රවේශ වීමට බාධා එල්ලවී තිබු බව Meta සමාගම දැනුම්දෙයි.ඕස්ට්‍රේලියාව,ආසියාව,බ්‍රිතාන්‍ය, යුරෝපය,දකුණු අමෙරිකාව සහ අමෙරිකාව යන රටවල මෙම සමාජ මාධ්‍ය ජාලා බිඳවැටීම සිදුව තිබේ.ශ්‍රී ලංකාව තුළද ඊයේ (11) රාත්‍රී 12 පමණ සිට පැය කිහිපයක කාලයක් Facebook, Instagram සහ WhatsApp සමාජ මාධ්‍යවල බිඳවැටීම සිදුව තිබුණි. ඒ අනුව රටවල් කිහිපයකට බලපාන ලද මෙම බිදවැටීම ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු කළ බව Meta සමාගම සඳහන් කළේය.2021 වර්ෂයේ දී ද මෙවැනිම බිඳවැටීමක් වාර්තා වූ අතර ඒ අවස්ථාවේ දී පැය 6කට අධික කාලයක් අදාළ යෙදවුම් අක්‍රීයව පැවතී ඇත.