ලෝකයේ හෙට දවස අතරැදි දරුවන් රැකගමු – සම සේ රැකගමු

  • Home
  • /
  • Blog
  • /
  • ලෝකයේ හෙට දවස අතරැදි දරුවන් රැකගමු – සම සේ රැකගමු

දරුවන් රැකගමු- සමසේ රැකගමු යන තේමාව මූලික කරගනිමින් මෙවර ලෝක ළමා දිනය සංවිධානය වේ.

වර්ථාමානයේ දී විවිධ රටවල් විවිධ ආකාරවලින් සමරන ළමා දිනය ආරම්භ වී ඇත්තේ 20 වන සියවසේ මුල් භාගයේ දී පමණය.ළමා දිනය පිළිබඳ පළමු නිල සැමරීම වාර්තාවන්නේ 1920 අප්‍රේල් 23 වන දින තුර්කියේ මහා ජාතික සභාව පිහිටුවීමෙන් පසුව සිදු විය.මෙම දිනය තවමත් තුර්කියේ ළමා දිනය ලෙස සමරනු ලැබේ.

ළමා දිනයට ජාත්‍යන්තර පිළිගැනීම ලැබෙන්නේ 1925 දී පමණ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වූ දරුවන්ගේ යහපැවැත්ම සඳහා වූ ලෝක සමුළුව මගිනි.මෙම සමුළුවේ දී ළමා අයිතිවාසිකම් සුරැකීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය පිළිගත් ළමා අයිතිවාසිකම් ප්‍රකාශය සම්මත කර ගැනීමට හේතු විය.

නූතන ළමා දිනය සැමරීම එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සමීපව සම්බන්ධ වේ. 1954 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය නිර්දේශ කළේ සෑම රටකටම විශ්ව ළමා දිනයක් ස්ථාපිත කළ යුතු අතර එය එක් එක් රටවලට සුදුසු දිනයක සැමරීමට ය. ගෝලීය වශයෙන් ළමා අයිතිවාසිකම් තවදුරටත් අවධාරණය කරමින් 1989 දී එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය ද සම්මත කරන ලදී.

විවිධ රටවල් විවිධ දිනවලදී ළමා දිනය සමරනු ලබයි.බොහෝ විට එම රටවල්වල සංස්කෘතික වටිනාකම් සහ ඓතිහාසික සන්දර්භයන් පිළිබිඹු කරයි. 

උදාහරණයක් වශයෙන්,ළමයින්ගේ හිමිකම් වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කිරීම වෙනුවෙන් ජවහර්ලාල් නේරුගේ උපන්දිනයට ගෞරව කරමින් ඉන්දියාවේ ළමා දිනය නොවැම්බර් 14 වන දින සමරනු ලබ‍යි.එක්සත් ජනපදය තුල ළමා දිනය ජුනි මාසයේ දෙවන ඉරිදා දින සමරනු ලබයි.

ළමයින් වෙනුවෙන් දිනයක් වෙන්කොට ළමා දිනය සැමරීමේ ඇති වැදගත්කම ලෙස ළමා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම,ඔවුන්ගේ සුභසාධනය ප්‍රවර්ධනය කිරීම සහ සමාජයේ වැදගත් සාමාජිකයන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය සමාජය පිළිගැනීමේ අවශ්‍යතාවය පිළිබඳ වැදගත් මතක් කිරීමක් ලෙස ළමා දිනය ක්‍රියා කරයි.අධ්‍යාපනය,සෞඛ්‍යය, ආරක්ෂාව සහ සමස්ත යහපැවැත්ම පිළිබදව සමාජයේ ප්‍රජාවන් සහ රජයන් ඔවුන්ගේ අනාගතය සඳහා කැපවිය යුතු බවට ලෝක ළමා දින මතක් කිරීමක් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ ලෝක ළමා දිනය සමරන්නේ ඔක්තෝම්බර් 01 වෙනිදායි.මෙම දිනයට සමගාමීව ශ්‍රී ලංකාව පුරා සිටින දරුවන් වෙනුවෙන් විවිධ වැඩසටහන් සහ ක්‍රියාකාරකම් සංවිධානය කර ඇති අතර උත්සව කීපයක් ද පැවැත්වේ.

ලෝක ළමා දින සැමරුමට සමගාමීව අවුරුදු 12න් පහළ සියලු ළමයින්ට නොමිලේ සත්වෝද්‍යාන නැරඹීම සදහා පහසුකම් සලසා තිබේ.දෙහිවල සත්වෝද්‍යානය,පින්නවල අලි සු‍රැකුම් මධ්‍යස්ථානය,පින්නවල සත්වෝද්‍යානය සහ හම්බන්තොට සෆාරි යන උද්‍යාන නැරඹිය හැකි වේ.

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024