ලෝකය පුරාම වායු දුෂණය සැලකිය යුතු වේගයකින් ඉහළ ගොස් තිබෙන අතර, ඉහළ යන වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාවේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කර තිබේ.එහි සභාපති විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පවසා ඇත්තේ, වසරකට ලොව පුරා පුද්ගලයින් ලක්ෂ 70ක පමණ පිරිසක් වායු දූෂණය හේතුවෙන් ඇති වන ශ්වසන රෝගාබාධ මත මිය යන බවට සිදුකළ සමීක්ෂණවලින් අනාවරණය වී ඇති බවය.මේ අතර වායු දූෂණය නිවැරදි ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වුවහොත් ආර්ථිකමය වශයෙන් ද බලපෑම් එල්ල විය හැකි බව විශේෂඥ වෛද්‍ය නෙරංජන් දිසානායක මහතා පවසා තිබේ.
“දැනට විද්‍යාත්මක පරීක්ෂණ 70,000ක පමණ ආශ්‍රයෙන් කරපු පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා ලක්ෂ 70ක් ජනතාව තමන් මියයන්න ඕන කාලෙට වඩා කලින් වායු දුෂණය නිසා මිය යනවා කියලා. ඒ වගේම අපේ ගෙවල් ඇතුළේ වායු දුෂණය වීමත් ගොඩක් වෙලාවට බලපානවා විවිධ රෝගාබාධ ඇති වීම සඳහා සහ ඇතිවුණ රෝගාබාධ වැඩිදියුණු වීම සඳහා හා පාලනයවීම දුර්වල වීම සඳහා. උදාහරණයක් හැටියට සමහර සංඝටක පෙනහළුවලට ගියාම පිළිකා ඇති වීමේ ප්‍රවණතාවය වැඩියි. දුම් පානයට කළ අයගේ මේ තත්ත්වය දැකලා තිබුණත් දැන් දුම් නොබොන අයගේ සහ කාන්තාවන්ගේ වායු දුෂණය නිසා මේ තත්ත්වය වැඩි වීමට හේතුවෙන බව සොයා ගෙන තිබෙනවා.” යනුවෙන් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.