ලෝක ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ තුන්වෙනි තැනට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ලෝක ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ තුන්වෙනි තැනට පත්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්ත කණ්ඩායම පරාජය කරයි.

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අනුව තරගයේ කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 305 ක් රැස් කළ අතර පන්දුවට පහරදීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කමිඳු මෙන්ඩිස් ලකුණු 114 ක් රැස් කරන ලදී.

අනතුරුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 340 ක් ලබාගත් අතර පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් විය.

ඉන් අනතුරුව දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 309 ක් ලබාගත් අතර පන්දුවට පහරදීමේ දී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 61 ක් බගින් ලබා ගන්නා ලදී.

ඒ අනුව ලකුණු 275 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 211 ක් පමණක් වන අතර පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය කඩුලු 5 ක් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව තරග 2 කින් යුත් තරගාවලියේ පළමු තරගය ලකුණු 63 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.මේ ජයග්‍රහණයත් සමග ලෝක ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුවේ තුන්වෙනි තැනට පත්වීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවිය.

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024