ලෝක මූයි තායි බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 07 ක්

  • Home
  • /
  • News
  • /
  • ලෝක මූයි තායි බොක්සිං තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට පදක්කම් 07 ක්

තායිලන්තයේ පැවති 20 වන ලෝක මූයි තායි ශූරතා තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් රිදී පදක්කම් 03 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් දිනා ගත් ශ්‍රී ලංකා මූයි තායි ක්‍රීඩකයන් ඊයේ   (19)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ .

ලෝක මූයි තායි සම්මේලනය විසින් සංවිධානය මෙම තරගාවලිය ඉකුත් 03/09 දින සිට 03/19 දින දක්වා තායිලන්තයේ බැංකොක් නුවර නිමිනුත් ක්‍රීඩාංගනයේ දී , ලෝකයේ රටවල් 42 ක මූයි තායි ක්‍රීඩකයින්ගේ සහභාගිත්වයෙන් පවත්වා තිබුණි .

මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිලෝ ග්‍රෑම් 37 බර පංතිය , වයස අවුරුදු 10 – 11 කාණ්ඩය සදහා  මෙම තරගාවලියට සහභාගී වූ සෙහස් අකීස රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු තවමත් 06 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසැල් සිසුවෙකි .

අනෙක් රන් පදක්කම කිලෝ ග්‍රෑම් 54 බර පංතිය යටතේ විවෘත අංශයෙන් තරග කළ තරින්ද දසුන්ප්‍රිය දිනා ගැනීමට සමත් වී තිබුණි . ඔහු කොළඹ විශ්ව විද්‍යාලයයට අනුබද්ධිත සෞන්දර්ය සහ ප්‍රාසාංගික කළා විශ්ව විද්‍යාලයයේ උපාධි අපේක්ෂකයෙකි.

Don't forget to share this post!

Recent Posts

01-reference-volcanoes-cb9bmt
May 9, 2025