වහාම ලෙබනනයෙන් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය ලෙබනනයේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට දන්වයි

  • Home
  • /
  • News
  • /
  • වහාම ලෙබනනයෙන් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය ලෙබනනයේ සිටින ඕස්ට්‍රේලියානුවන්ට දන්වයි

ලෙබනනය තුළ පවතින අර්බුධකාරී ආරක්ෂක තත්ත්වය හේතුවෙන් ජනතාවට පීඩා එල්ල විය හැකි බැවින් වහාම මැද පෙරදිග කලාපයෙන් ඉවත් වන ලෙස ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබේ.ලෙබනන් රොකට් ප්‍රහාරයක් ලෙස සැලකෙන ඊශ්‍රායලයේ ගෝලාන් කඳුකරයේ ළමුන් 12 දෙනෙකු මරා දැමීමෙන් පසු, ඊශ්‍රායලය නැවත පළිගැනීමේ ප්‍රහාරයක් දියත් කළ හැකි බවට ඇති තත්ත්වය නිසා “වහාම ලෙබනනය හැර යන ලෙස” ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවා තිබේ.

ඕස්ට්‍රේලියානු රජය ලෙබනනයේ “අස්ථාවර ආරක්ෂක තත්ත්වය සහ ආරක්ෂක තත්ත්වය තවදුරටත් පිරිහීමේ අවදානම” නිසා ලෙබනනය සඳහා සංචාරය නොකරන්න යැයි අනතුරු ඇඟවීමක් ද නිකුත් කර ඇත.

ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන Smartraveller කලාපය තුලින් ද ජනතාවට දන්වා ඇත්තේ මිලිටරි ක්‍රියාමාර්ග වැඩි වන විට ලෙබනනයේ තත්වය සුළු දැනුම් දීමකින් තොරව පවා ශීඝ්‍රයෙන් නරක අතට හැරිය හැකි නිසා ලෙබනනයේ සංචාරය කිරීම අවදානම් සහගත බව ඕස්ට්‍රේලියානුවන්ට අනතුරු අඟවයි.

ලෙබනනය තුළ ගුවන් ගමන් තවමත් පවතින අතරවාරයේ පිටත්ව යන ලෙස ද රජය ඕස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා තිබේ.“ඇතැම් ගුවන් සමාගම්, ඇතැම් ගුවන් ගමන් කල් දමා හෝ අවලංගු කර ඇත. තව දුරටත් ගුවන් ගමන් අවලංගු කිරීම් සහ බාධා කිරීම් කෙටි දැනුම් දීමක් මගින් සිදුවිය හැක” යන්න අනතුරු ඇඟවීමේ කියවේ.

තත්ත්වය වඩාත් අර්බුධකාරීවන විට බේරූට් ගුවන් තොටුපළ වසා දැමීමට සිදුවනු ඇති නිසා ජනතාවට ලෙබනනය තුළ සිරවීමට සිදුවන බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

ජර්මානු ගුවන් සමාගම් වන Lufthansa, Swiss සහ Eurowings ඇතුළු ජාත්‍යන්තර ගුවන් සමාගම් අගෝස්තු 5 දක්වා බේරූට් වෙත සහ ඉන් පිටතට යන සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇති බවට වාර්තා වේ.

Air France ගුවන් ගමන් සේවය ද ජූලි 29 සහ 30 යන දිනවල පැරිස්-චාල්ස් ඩි ගෝල් සහ බීරූට් අතර සියලුම ගුවන් ගමන් අත්හිටුවා ඇත.

 

කියවන්න, බලන්න, විඳින්න

Don't forget to share this post!

Recent Posts

Screenshot 2024-12-24 at 15.16.12
December 24, 2024