වික්ටෝරියා රාජ්‍ය පුස්තකාලය

  • Home
  • /
  • Blog
  • /
  • වික්ටෝරියා රාජ්‍ය පුස්තකාලය

1854 දී මෙල්බර්න් මහජන පුස්තකාලය ලෙස ස්ථාපිත කරන ලද වික්ටෝරියා රාජ්‍ය පුස්තකාලය ඕස්ට්‍රේලියාවේ පැරණිතම මහජන පුස්තකාලය වන අතර ලොව ප්‍රථම නිදහස් මහජන පුස්තකාලවලින් එකකි.

මෙල්බර්න් හි සන්ධිස්ථානයක් සහ සංස්කෘතික නිරූපකයක් වන මෙම පුස්තකාලය නගරයේ වඩාත්ම සුන්දර ගෘහ නිර්මාණ සහිත 19 වන සියවසේ විශිෂ්ටතම ගොඩනැගිලි වලින් එකක් වේ. මෙහි එක් විශේෂත්වයක් වන්නේ එහි තේජාන්විත අෂ්ටාස්‍ර ගෝලාකාර සිවිලිම සහිත ලා ට්‍රෝබ් (La Trobe Reading Room) කියවීමේ කාමරයයි.

පුස්තකාලයේ භාණ්ඩ අතර නෙඩ් කෙලීගේ සම්පූර්ණ සන්නාහය(armour), මිලියන දෙකකට අධික පොත්, ලක්ෂ සංඛ්‍යාත පින්තූර, පුවත්පත්, සිතියම් සහ අත්පිටපත් සහ ශ්‍රව්‍ය, දෘශ්‍ය සහ ඩිජිටල් ද්‍රව්‍ය රාශියක් ඇතුළත් වේ – මේ සියල්ල පසුගිය වසර 150 තුළ වික්ටෝරියාවේ සිදුවූ සමාජීය පරිවර්තන පෙන්නුම් කරයි.

පුස්තකාලයේ හරිත තණකොළපිටිය  ජනප්‍රිය රැස්වීම් ස්ථානයක් වන අතර, උත්සව සහ කාර්යබහුල ප්‍රසංග රැසක් පවත්වන ස්ථානයකි.පුස්තකාලයේ විවිධ ගැලරිවල ගවේෂණය කිරීමට ද මෙහිදී ඔබට අවස්ථාව සැලසෙන අතර නොමිලේ මාර්ගෝපදේශක චාරිකා ද ඇත.

Date & Time

Monday
  • 10am – 6pm
Tuesday
  • 10am – 6pm
Wednesday
  • 10am – 6pm
Thursday
  • 10am – 6pm
Friday
  • 10am – 6pm
Saturday
  • 10am – 6pm
Sunday

Location

State Library Victoria
328 Swanston St
Melbourne 3000

Contact Details

Don't forget to share this post!

Recent Posts

216e7e44fa5dab9e07f5d20b0bed40bf
June 2, 2025