ශ්රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන ක්රීඩක මතීෂ එළැඹෙන ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලිය සඳහා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ම ක්රීඩා කිරීමට නියමිතව සිටී. ඒ අනුව ඔහු ක්රීඩක වෙන්දේසියට ඉදිරිපත් නොකර CSK කණ්ඩායමේ ම රඳවා ගැනීමට එම කණ්ඩායමේ බලධාරීන් තීරණය කර තිබේ. එහිදී මතීෂට ශ්රී ලංකා මුදලින් රුපියල් මිලියන 452කට සමාන මුදලක් (ඩොලර් මිලියන 1.56) හිමි වේ.