ශ්‍රී ලංකාවේ උද්ධමනය ඍණ අගයක් ලෙස සටහන් වෙයි

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ උද්ධමනය ඍණ අගයක් ලෙස සටහන් වෙයි

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේදී -0.2% දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

 

2024 අගෝස්තු මාසය තුළ ශ්‍රී ලංකාවේ උද්ධමනය සටහන් වූයේ 1.1%ක් ලෙසයි.

 

2024 අගෝස්තු මාසයේ දී 2.3% ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී  0.5%ක් දක්වා අඩු වී ඇත.

 

එමෙන්ම, 2024 අගෝස්තු මාසයේ දී 0.2% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇත.

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024