2024 සැප්තැම්බර් මාසයේ දී -0.2% ක් වශයෙන් වාර්තා වූ ශ්‍රී ලංකාවේ උද්ධමනය ඔක්තෝම්බර් මාසයේ දී -0.7% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
2024 සැප්තැම්බර් මාසයේ දී 0.5%ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය, 2024 ඔක්තෝම්බර් මාසයේ දී 1.3% ක් දක්වා වැඩි වී ඇත.එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසයේ දී -0.7% ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්යමය උද්ධමනය 2024 ඔක්තෝම්බර් මාසයේ දී -2.3% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තු නිවේදනයේ සදහන් වේ.