ශ්‍රී ලංකාවේ 77 වන නිදහස් දිනයට සමගාමීව සෑම වසරකම සුළු වරදවල් හේතු කොටගෙන බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ට සමාව ලබාදීම මෙම වසරේද ක්‍රියාත්මක වේ. ඒ අනුව එරට බන්ධනාගාර රැදවියන් 285 ක් සඳහා අද (4) ජනාධිපති සමාව ලබා දීමට කටයුතු කර තිබේ.
එහිදී වාරියපොළ බන්ධනාගාරයෙන් රැදවියන් 33 ක්, මහර බන්ධනාගාරයෙන් රැදවියන් 31ක්, අනුරාධපුර බන්ධනාගාරයෙන් රැදවියන් 22ක් සහ වැලිකඩ බන්ධනාගාරයෙන් රැදවියන් 15ක් ලෙස රට පුරා සියලු බන්ධනාගාර වලින් රැදවියන් අද නිදහස ලබයි.