ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයින්ට දීමනාවක් හිමිවෙයි.

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ විශ්‍රාමිකයින්ට දීමනාවක් හිමිවෙයි.

ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඔක්තෝබර් මාසයේ සිට විශ්‍රාම වැටුපට එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු පැවසීය.මෙම මාසය සඳහා ලබාදෙන මෙම අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

“විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටිකාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න.මේ මාසේ 10 වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා රජයේ විශේෂ වැඩපිළිවෙළක් යොදනවා මහ භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කරලා තියෙනවා. මේ රුපියල් 3000 දිමනාව අමතර දීමනාවක් ලෙස ලබාගන්න පුළුවන්. විශ්‍රාමිකයින්ට එම දිමනාව ඉදිරි දිනවලදී මේ මාසය සඳහා දීමනාවක් ලැබෙනවා.ලබන මාසයේ ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුපට මේ රුපියල් 3000 එකතුවෙනවා. අපේ රටේ රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවෙනවා. මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළා.”  

Don't forget to share this post!

Recent Posts

What-Happens-to-My-Pension-If-I-Go-on-Disability-in-New-York_-raw
October 15, 2024