ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට

  • Home
  • /
  • News
  • /
  • ශ්‍රී ලංකාවේ 10 වැනි පාර්ලිමේන්තුවේ බහුතරය ජාතික ජන බලවේගයට

මේ වනවිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණයේ සියලු දිස්ත්‍රික්කවල ප්‍රතිඵල නිකුත් කර තිබේ.ඒ අනුව ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 20කම බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජනබලවේගය යි.එම ප්‍රතිඵලයට අනුව 10 වෙනි පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.ඒ අනුව ජාතික ජනබලවේගය ආසන 159ක බලය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිකර ගැනීමට අවශ්‍ය වන ආසන සංඛ්‍යාව වන 113 ඉක්මවා යමිනි.

 

ජාතික ජන බලවේගය -6,863,186   ආසන – 159

සමගි ජන බලවේගය -1,968,717      ආසන – 40

ඉලංකෙයි තමිල් අරසු කච්චි   -257,813      ආසන – 8

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 500,835   ආසන – 5

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  – 350,429   ආසන -3

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය  -87,038  ආසන – 3

සර්වජන බලය    -178,008  ආසන -1

එක්සත් ජාතික පක්ෂය – 66,234  ආසන – 1

ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ ජාතික සන්ධානය 66,382  ආසන – 1

අඛිල ඉලංකෙයි තමිල් කොංග්‍රසය – 39,894 ආසන -1

අඛිල ඉලංකෙයි මක්කල් කොංග්‍රසය – 33,911 ආසන 1

යාපනය ස්වාධීන කණ්ඩායම 17 – 27,855  ආසන 1

ශ්‍රී ලංකා කම්කරු පක්ෂය – 17,710  ආසන 1

 

ජාතික ජන බලවේගය එහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 18ක් හිමිකරගෙන තිබේ.සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 5ක් හිමිකරගෙන ඇති අතර, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ හිමිකරගෙන ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර සංඛ්‍යාව 2කි.

Don't forget to share this post!

Recent Posts

360_F_574432224_Z7nTInvJbKUpDNGQjhmIyOQ9CSw0pivt
November 21, 2024