ශ්‍රී ලංකාවේ lenard justin මෙවර ආසියානු පැසිෆික් ආධුනික pro physics bodybuilding තරගාවලියේදී රන් පදක්කම් 4ක් දිනා ගත්තේ ය.2024 ආසියානු පැසිෆික් ආධුනික pro physics bodybuilding තරගාවලිය රටවල් 7ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් ඕස්ට්‍රේලියාවේ දී පැවැත්විය.
එහි කායවර්ධන පිරිමි විවෘත සහ අන්තර් මධ්‍යම අංශ දෙකෙහිම රන් පදක්කම් දිනා ගත්තේ ශ්‍රී ලංකාවේ ලෙනාර්ඩ් ජස්ටින් ය.ඔහු පිරිමි පිසික් විවෘත සහ අන්තර්මධ්‍යම අංශ දෙකෙන්ද රන් පදක්කම් දිනා ගත් අතර pro අංශයේ ශූරතාවයටද හිමිකම් කීවේ ය. 29 හැවිරිදි ලෙනාර්ඩ් ජස්ටින් මෙම තරගාවලියේ ආධුනික අංශයේ දැක්වූ දක්ෂතා මත pro අංශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා ගැනීමද විශේෂත්වයකි.