ශ්‍රී ලංකාව තුල මරණය කැදවන පියයුරු පිළිකා අවදානම ඉහළ යයි.

  • Home
  • /
  • Health
  • /
  • ශ්‍රී ලංකාව තුල මරණය කැදවන පියයුරු පිළිකා අවදානම ඉහළ යයි.

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ තුළ පියයුරු පිළිකා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ පියයුරු පිළිකා කල් තියා හදුනාගැනීමෙන් එමඟින් සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවය. වසරකට ශ්‍රී ලංකාවේ  පියයුරු පිළිකා රෝගීන් 5,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.

“ලෝකයේ රටවල්වලත් පියයුරු පිළිකා සංඛ්‍යාත්මකව වැඩිවෙමින් පවතිනවා. නමුත් ලංකාවේ තියෙන විශේෂත්වය තමා ලෝකයේ කලින් හඳුනාගැනීම වැඩියි ලංකාවට සාපේක්ෂව. ඒ නිසා පියයුරු පිළිකා නිසා සිදුවන මරණ, ප්‍රතිශතයක් විදියට අනෙක් රටවල්වලට සාපේක්ෂව, ලංකාවේ වැඩිවෙලා තියෙනවා. ඒ නිසා අපි කලින් හඳුනාගැනීම වැදගත් කියන එකයි කියන්න ඕනේ වුණේ. ලංකාවේ සාමාන්‍යයෙන් අවුරුද්දකට පියයුරු පිළිකා සහිත කාන්තාවන් 5500ක් පමණ හඳුනාගන්නවා. එයින් 125ක් පමණ පිරිමි පුද්ගලයින් වෙනවා. කාන්තාවක් වීම කියන සාධකයම පියයුරු පිළිකා හැඳීමේ අවදානම වැඩිවෙන්න හේතුවක්.”

පියයුරු පිළිකා තත්ත්වයන් හඳුනාගැනීම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය විසින් පිළිකාවකට පෙර එය හදුනාගැනීමට අවශ්‍ය ආකාරය ද සදහන් කරන ලදී. පියයුරුවේ ඇති වෙන යම් ගැටිත්තක්, වළ ගැසීමක් එහෙමත් නැත්නම් සමේ වර්ණයේ වෙනසක්. සම ඝන වීමක්. තව දුරටත් කිව්වොත් කිහිල්ලේ ඇති වෙන යම් ගැටිත්තක් හෝ තන පුඩුවේ ඇති වෙන වෙනස්කම් යනාදි තත්ත්වයක් ඇති වුණොත් වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු විය යුතු බව එතුමිය පැවසුවාය. ඒ සඳහා අපි පහසුකම් සපයන සායන කිහිපයක් තිබෙන බවත් ඉන් එකක් සුව නාරි සායනය, සුව දිවි සායන රෝහල්වල තිබෙන බවත් ඊළඟට රෝහල්වල තිබෙන පියයුරු සායන පිළිබදවත් මේ හැරුණුකොට ශල්‍ය සායනයකින් පියයුරු පරීක්ෂා කිරීමේ හැකියාව ද තිබෙන බව ද එතුමිය විසින් වැඩිදුරටත් පවසන ලදී.

Don't forget to share this post!

Recent Posts

118
October 22, 2024