ශ්‍රී ලංකාව සමග තරග වදින ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව සමග තරග වදින ඕස්ට්‍රේලියානු සංචිතය නම් කරයි.

ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියට තෝරාගත් ඔස්ට්‍රේලියානු සංචිතය ඊයේ (9) ප්‍රකාශයට පත් කළේය.ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය සදහා ස්ටීවන් ස්මිත් සිටින අතර ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයක් මේ සඳහා නම්කර ඇත.ඔස්ට්‍රේලියානු නිත්‍ය නායක පැට් කමින්ස් මෙම තරගාවලියට ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය දෙවන දරුවාගේ උපත වෙනුවෙන් පීතෘ නිවාඩු මත ශ්‍රී ලංකා සංචාරයෙන් ඉවත්ව සිටියි.

මෙම සංචිතයට නව ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම කැඳවා තිබීම විශේෂත්වයක්ය.ඉන් කූපර් කොනොලි මේ දක්වා කිසිදු ටෙස්ට් තරගයක් ක්‍රීඩාකර නොමැති ක්‍රීඩකයෙකි.එමෙන්ම නේතන් මැක්ස්වීනි, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන් සහ බියු වෙබ්ස්ටර් තිදෙනාම මේ දක්වා ටෙස්ට් තරග 3කට වඩා ක්‍රීඩාකර නොමැත‍.ICC ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තරගාවලියේ පළමු තරගය මේ මස 29වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.පෙබරවාරි 6වනදා දෙවන හා අවසන් තරගය ආරම්භ වන අතර, එම තරගය ද ගාල්ලේ දී පැවැත්වේ.ශ්‍රී ලංකාව හා තරග වදින  ඔස්ට්‍රේලියානු සංචිතය

ස්ටීවන් ස්මිත්,ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්, ඇලෙක්ස් කේරි, කූපර් කොනොලි, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉන්ග්ලිස්, උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටාස්, මැට් කුහ්නමන්, මාන්ස් ලැබුෂේන්, නේතන් ලියොන්, නේතන් මැක්ස්වීනි, ටොඩ් මර්ෆි, මිචෙල් ස්ටාර්ක්, බියු වෙබ්ස්ටර්

Don't forget to share this post!

Recent Posts

landscape-with-windmills
February 5, 2025