ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු එක්දින තරඟාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් වෙයි.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියානු එක්දින තරඟාවලියේ ප්‍රවේශපත්‍ර නිකුත් වෙයි.

ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාව සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලිය නැරඹීම සඳහා අවශ්‍ය ප්‍රවේශ පත්‍ර මේ වන විට මාර්ගගතව සහ කවුන්ටර හරහා අලෙවි කිරීම සිදු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම  ටිකට්පත්  www.srilankacricket.lk වෙබ් අඩවියට පිවිසීමෙන් මිලදී ගත හැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කර තිබේ. 

එමෙන්ම මෙම  එක්දින තරගාවලිය අවසන් වන තෙක් තරග දිනවල පමණක් පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා කොළඹ විද්‍යා මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කවුන්ටරය විවෘතව පවතින බව සඳහන් ය. 

ශ්‍රී ලංකාව හා  ඕස්ට්‍රේලියා  අතර පැවැත්වෙන මෙම  තරඟ ද්විත්වයම කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරඟාවලියේ පළමු තරඟය පෙබරවාරි 12 වැනිදා සහ දෙවැනි තරගය පෙබරවාරි 14 වැනිදා පැවැත්වීමට නියමිත බව සඳහන් ය.

Don't forget to share this post!

Recent Posts

Unilever
February 21, 2025