ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ.

  • Home
  • /
  • Sports
  • /
  • ශ්‍රී ලංකා – නවසීලන්තය දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ඇරඹේ.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද (26) දින ආරම්භ වීමට නියමිතව තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.00ට තරගය ආරම්භ වීමට නියමිතය.අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් දෙකක් සිදුකර ඇති අතර මිලාන් රත්නායක සහ නිශාන් පීරිස් කණ්ඩායමට ඇතුළත් කර තිබේ.ළහිරු කුමාර සහ රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමෙන් ඉවත් කර ඇති බව සඳහන්ය. දෙරට අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 63කින් ජය ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

දෙවන ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම

දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
දිනේෂ් චන්දිමාල්
ඇන්ජලෝ මැතිව්ස්
කමිඳු මෙන්ඩිස්
ධනංජය ද සිල්වා
කුසල් මෙන්ඩිස්
නිෂාන් පීරිස්
ප්‍රභාත් ජයසූරිය
මිලාන් රත්නායක
අසිත ප්‍රනාන්දු

Don't forget to share this post!

Recent Posts

Untitled-1
October 22, 2024