එළැඹෙන සංචාරක සමයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කරන ලෙස ලොව පුරා සිටින සංචාරකයින්ට ආරාධනය කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත
එම නිවේදනයට අනුව සියලුම සංචාරකයින් ට ආරක්ෂාකාරීව දිවයිනේ සුන්දරත්වය භුක්ති විඳීමට හැකි බවත් සියලුම සංචාරකයින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළදී ඉහළම අයුරින් ආරක්ෂාව ලබාදෙන බවත් එහි දැක්වෙයි.
එසේම ආරක්ෂක අමාත්‍යංශය ද රටතුළ සිටින සියලු සංචාරකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය පැවසීය.