සංචාරය කරන්න හොදම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව

  • Home
  • /
  • News
  • /
  • සංචාරය කරන්න හොදම රටවල් 05 අතරට ශ්‍රී ලංකාව

සැප්තැම්බර් 27 වනදාට යෙදී තිබූ ලෝක සංචාරක දිනයේ දී සංචාරයත්, සාමයත් යන තේමාවෙන් ශ්‍රී ලංකාව ලෝක සංචාරක දිනය සමරනු ලැබූ අතර අභියෝග රැසකට මුහුණ දුන් මෙරට සංචාරක කර්මාන්තය මේ වනවිට සාර්ථක ප්‍රතිඵල අත්කර ගනිමින් සිටින බව ඒ වෙනුවෙන් පැවති සැමරුම් වැඩසටහනේ දී හෙළි කෙරුණි.

 

එක්සත් ජාතින්ගේ සංවිධානයේ මගපෙන්වීම යටතේ ඕනෑම රටකට සංචාරක දිනය සැමරීමට එම රටට සුදුසු දිනයක් නම් කරගන්නා ලෙස දැනුම් දීම මත ශ්‍රී ලංකාවේ සංචාරක දිනය සැමරීම සිදුවන්නේ ඔක්තෝම්බර් 21 වනදායි.ඊට සමගාමීව ලෝක සංචාරක දින සැමරුම් උත්සවය කොළඹදී පැවැත්විය.

 

මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය වෙනුවෙන් විදෙස් සංචාරකයින් දැනුවත් කිරිම මෙහි අරමුණ වූ අතර මෙහි ප්‍රධාන දේශනය පැවැත්වුයේ ආචාර්ය විපුල වනිගසේකර මහතායි.

 

‘ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධ කාල වල අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒත් මේ වනවිට ලෝකයේ සංචාරකයින් රැසක් මෙරට සංචාරයට එක් වනවා. ඒවගේම සංචාරකයින් බෝහෝ පිරිසක් මෙරටට පැමිණෙනවා. සංචාරක ක්ෂේත්‍රයේ සිදුවු වෙනස්කම් මෙම ප්‍රවර්ධනයට බලපා ඇති බව සදහන් කළ යුතුයි. අපිට දැන් අවශ්‍යයයි තවත් රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න. ඒ සදහා ආකර්ශණීය සහ මිත්‍රශිලි වටපිටාවක් අප නිර්මාණය කරමු. ඉදරි අනාගතයේදි ආසියාවේ සංචාරය කළ හැකි ආරක්ෂිතම සහ ආකර්ශණීයම රට බවට ශ්‍රි ලංකාව පත් කිරිමට අපි කටයුතු කරමු.’

 

මේ වසරේ ජනවාරි සිට ඔක්තෝම්බර් 15 වනදා දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,548,299ක් වන අතර,ඔක්තෝම්බර් මාසයේ පළමු වනදා සිට 15 වනදා දක්වා පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 63,491 ක් වේ

 

ඒ අතර වැඩිම සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 18,078 ක් වේ.

 

මේ අනුව සංචාරය කිරීමට ලොව හොඳම රටවල් අතර 5 වන ස්ථානයට පත්වීමටද ශ්‍රී ලංකාවට හැකිවී තිබෙන අතර මෙම මාසයේදී සීඕවර්ල්ඩ් ව්‍යාපාරික වෙබ් අඩවිය ඒ පිළිබඳ සඳහන් කරන ලදී.

 

මේ වසර අගවන විට ශ්‍රී ලංකාවට සංචාරකයින් ලක්ෂ 23ක් ගෙන්වා ගැනීම මේ වන විට රජයේ මූලික ඉලක්කය වී ඇත.

Don't forget to share this post!

Recent Posts

133
October 23, 2024