ගිනි තැබීමෙන් පසු සිනගෝගය නැවත ගොඩනැගීම සදහා වික්ටෝරියානු අගමැති ඩොලර් 100,000ක් ලබා දීමට පොරොන්දු වෙයි.Melbourne හි Adass ඊශ්‍රායල සිනගෝගයට ගිනි තැබීම වික්ටෝරියානු අගමැතිනි Jacinta Allan විසින් හෙළා දැක ඇත.එම පහසුකම නැවත ගොඩනැගීම සඳහා ඩොලර් 100,000ක් ප්‍රතිඥා දී ඇත. සිකුරාදා(06) අලුයම 4:10ට රිපොන්ලියා හි සිනගෝගයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සදහා හදිසි සේවා ක්‍රියාත්මක විය.වික්ටෝරියා ගිනි නිවන අංශ පැයකට අධික කාලයක් ගින්න සමඟ සටන් කළ අතර ප්‍රහාරයෙන් ගොඩනැගිල්ලට සැලකිය යුතු හානියක් සිදුවී ඇත.