18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

  • Home
  • /
  • Sports
  • /
  • 18න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු වයස 18න් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ තෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම ඊයේ (29) සමත් විය.

තෙවන ස්ථානය සඳහා වූ තීරණාත්මක තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සත්කාරක මැලේසියාව ලකුණු 17-14ක් ලෙස පරාජය කළේය.(28) ආරම්භ වූ මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත් අතර එහිදී ඔවුන්ට තායිලන්තය (27-0) හා චීන තායිපේ (29-70) ලෙස පහසුවෙන් පරාජය කිරීමට හැකිවිය.

එමෙන්ම ප්‍රබල හොංකොං රාජ්‍යයට එරෙහි තරගයද ලකුණු (17-17)ක් ලෙසින් සම තත්ත්වයෙන් අවසන් කිරීමට හැකිවිය.මෙම ජයග්‍රහණ හේතුවෙන් හොංකොං කණ්ඩායම අභිබවා ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ද ශ්‍රී ලංකාවට හැකිවිය.

ඊයේ (29) දිනයේ දී ශ්‍රී ලංකාව බෘෘනායි කණ්ඩායම සමගින් තරගයක් ක්‍රීඩා කිරීමට තිබුණත්, බෘෘනායි කණ්ඩායම මෙවර තරගාවලියට ක්‍රීඩා නොකිරීම හේතුවෙන් එම තරගයේ ජය නිතරගයෙන් ශ්‍රී ලංකාවට හිමිවිය.බෘෘනායි සහභාගි නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ක්‍රීඩාකළ B කාණ්ඩයේ සෑම රටකටම ලකුණු (20-0)ක නිතරග ජයක් ප්‍රදානය කිරීමට තරග සංවිධායකයින් කටයුතු කර තිබුණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවට මෙම කාණ්ඩයේ ප්‍රබලම අභියෝගාත්මක කණ්ඩායම වූ හොංකොං කණ්ඩායමට ක්‍රීඩා කිරීමට හිමිව තිබුණේ තායිලන්තයට එරෙහිව වූ අතර, එම තරගයේ ප්‍රතිඵලය මත B කාණ්ඩයෙන් අවසන් තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම තීරණය වීමට නියමිතව තිබුණි.

එම තරගය ලකුණු 29-10ක් ලෙසින් තායිලන්තය පහසුවෙන් පරාජය කිරීමට හොංකොං සමත් වූ අතර, ඒ සමග ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට හැකිවිය.

සෑම කාණ්ඩයකම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකරගන්නා කණ්ඩායම් දෙක පමණක් අවසන් මහා තරගයට සුදුසුකම් ලබන හෙයින් ශ්‍රී ලංකාවේ කුසලාන බලාපොරොත්තුව අහිමි විය.

ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත්වන කණ්ඩායම සමගින් තෙවන ස්ථානය වෙනුවෙන් තරග වැඳීමට සිදුවිය.

මෙම තරගාවලිය A හා B ලෙස කණ්ඩායම් 9ක සහභාගිත්වයෙන් පැවැත්වේ. 

එහි ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන B කාණ්ඩයට හොංකොං, චීන තායිපේ, තායිලන්තය හා බෘෘනායි යන කණ්ඩායම් ඇතුළත් විය. කෙසේ නමුත් අවසන් මොහොතේ බෘෘනායි වෙනුවෙන් කණ්ඩායමක් සහභාගි නොවීම හේතුවෙන් එම කාණ්ඩය රටවල් 04කට සීමාවිය.

මෙහි A කාණ්ඩයට එක්සත් අරාබි එමීර්, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාව හා සෞදි අරාබිය ඇතුළත් වූ අතර, ඉන් ක්‍රීඩාකළ සියලුම තරග ජයගත් එක්සත් අරබි එමීර් කණ්ඩායම එම කාණ්ඩයෙන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

Don't forget to share this post!

Recent Posts

122
October 22, 2024