2024ට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් දහස ඉක්මවයි

  • Home
  • /
  • News
  • /
  • 2024ට ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගීන් දහස ඉක්මවයි

2024 වසරේ මුල් මාස 10 තුළ ලාදුරු රෝගීන් දහසකට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා ලාදුරු මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කර ඇත.

 

ඒ අනුව මුල් මාස 10 තුළ රෝගීන් 1,084 දෙනෙකු හඳුනාගෙන ඇති බවත්, පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගීන් 1,500ක පමණ පිරිසක් සොයාගත් බවත් ශ්‍රී ලංකා ලාදුරු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය නිරූපා පල්ලෙවත්ත මහත්මිය සඳහන් කර ඇත.

 

එම රෝගීන් අතරින් 68%ක් පමණ රෝග වාහක රෝගීන් බවට වාර්තා වී ඇත.

 

ඒ අනුව හඳුනාගත් ලාදුරු රෝගීන් අතරින් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 115ක් පමණ වේ.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 113 දෙනෙකු හඳුනාගෙන තිබේ.

 

මේ අතර ඔබ යම් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබාගන්නේනම් අනවශ්‍ය ආකාරයෙන් ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්, අනවශ්‍ය ලෙස ප්‍රතිජීවක ඖෂධ භාවිත කිරීම හේතුවෙන් රෝග සුවපත් වීම සඳහා ඖෂධවල ප්‍රතිචාර දැක්වීම සිදුනොවන බවත් රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා මාධ්‍යයට පවසා ඇත.

Don't forget to share this post!

Recent Posts

Cricket-Olympics-1024x683
April 11, 2025