2024 නොවැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම රුපියල් කෝටි 37,000ක් (අමෙරිකානු ඩොලර් මිලියන 1, 269.33) බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ප්‍රකාශ කර ඇත.ඒ අනුව එම අපනයන ආදායම 2023 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 0.04% ක වර්ධනයක් වශයෙන් සනිටුහන් වී ඇත.
ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2024 නොවැම්බර් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන කාර්යසාධනය එක්සත් ජනපද ඩොලර් මිලියන 943.1ක් වූ අතර එය 2023 නොවැම්බර් මාසයට සාපේක්ෂව 5.6% ක පහතවැටීමක් පෙන්නුම් කර ඇත.රබර් ආශ්‍රිත නිෂ්පාදන, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික සංරචක, ආහාර හා බීම වර්ග සහ මුහුදු ආහාර අපනයනයෙන් ලැබෙන ආදායම අඩුවීම මෙම අඩුවීමට මූලික වශයෙන් හේතු වී තිබේ.
කෙසේ වෙතත්, 2024 නොවැම්බර් මාසය සඳහා සේවා අපනයනය එක්සත් ජනපද ඩොලර් මිලියන 326.23ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය 2023 අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව 20.89%ක වර්ධනයක් බව ද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.ඒ අනුව ඇඟලුම් සහ රෙදිපිළි, තේ, රබර් ආශ්‍රිත නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන, දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ, ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රොනික සංරචක, කුළුබඩු සහ සාන්ද්‍රිත නිෂ්පාදන, සැකසූ ආහාර පාන වර්ග ආදිය අපනයනයෙන් ඉහළ ආදායමක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.