පාකිස්තානයේ ජනතාව මිලියන 11කට අධික පිරිසක් දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජගත් සංවිධානයක් සිදු කළ අලුත්ම සමීක්ෂණයකට අනුව, මේ පිරිස අතරින් බොහෝ දෙනෙක් සාගත තත්ත්වයකට ඉතා ආසන්න තත්ත්වයක පවතින අතර, මාරාන්තික මට්ටමේ මන්දපෝෂණය සහ උග්‍ර කුසගින්න සමඟ ජීවිත ගෙවන්නට වෙයි.
මෙම තත්ත්වය පිළිබඳව ජගත් සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් 2025 වසරේ ගෝලීය ආහාර අර්බුද වාර්තාවෙහි සඳහන් කර ඇති අතර, පසුගිය මැයි මස 16 වනදා එය නිල වශයෙන් නිකුත් කෙරිණි.
ඉතා නිරපේක්ෂ තත්ත්වයක පවතින ප්‍රදේශ ලෙස බලුකිස්තානය, සින්දා, සහ කයිබර් පක්හ්තුන්ක්වා ප්‍රදේශ පෙන්වා දෙන අතර, එම ග්‍රාමීය දිස්ත්‍රික්ක 68ක් තුළින් සියයට 22ක පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවයට ගොදුරු වී ඇති බවද වාර්තාවේ විශේෂයෙන් කියා ඇත. තවත් මිලියන 1.7ක් පමණ හදිසි සහයෝගය අවශ්‍ය තත්ත්වයක පසුවන බවද එය පෙන්වා දෙයි.
මෙවැනි තත්ත්වයකට දේශගුණික විපර්යාස, අඛණ්ඩ දරිද්‍රතාව, සහ රාජ්‍ය මට්ටමේ ප්‍රතිචාර හිඟය සෘජුවම බලපා ඇති බවත්, වාර්තාවේ තවත් කරුණුක් වශයෙන් නිරූපණය වේ.