2026 IPL තරඟාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය ඊයේ පැවැත්වුණා. එහිදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Cameron Green, IPL ඉතිහාසයේ වැඩිම මිලට KKR කණ්ඩායම විසින් මිලදී ගත්තා. ඒ ඉන්දීය රුපියල් කෝටි 25.20 කට.
IPL ක්‍රීඩක වෙන්දේසියක දී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු අලෙවි වුණු වැඩිම වටිනාකම වාර්තා කරමින් ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට KKR මිලදී ගත්තා. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20ක්.
පැතුම් නිස්සංක IPL වරම් දිනා ගත්තේ Delhi Capitals කණ්ඩායම ඔහුව ඉන්දීය රුපියල් කෝටි 4කට මිලදී ගැනීමත් සමගයි.
වනිඳු හසරංග Lucknow Super Giants කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2කට මිලදී ගත්තා.
ඒ අනුව මෙවර වෙන්දේසියේ වැඩිම මිල Cameron Green දිනා ගනිද්දී 2වන ස්ථානයට පැමිණියේ මතීෂ පතිරණයි.
මහීෂ් තීක්ෂණ, කුසල් පෙරේරා, චරිත් අසලංක, දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, දුනිත් වෙල්ලාලගේ, බිනුර ෆර්නැන්ඩෝ වෙන්දේසියට ඉදිරිපත් වූ නමුත් කණ්ඩායමක් විසින් මිලදී ගත්තේ නැහැ.

Image credit: www.iplt20.com