ශාප ලත් කඳු තරණය කරන බිහිසුණු සංචාරය

  • Home
  • /
  • Blog
  • /
  • ශාප ලත් කඳු තරණය කරන බිහිසුණු සංචාරය

අතේ ඇති මුදලට සංචාරය කරන්න පුළුවන් යුරෝපා රටක් ගැනයි මේ කියන්න හදන්නේ. ඒ තමයි පසුගිය වසර 2 හමාරක කාලය තුළ යුරෝපයේ ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව ඇති ඇල්බේනියාව. වැඩි වැඩියෙන් සංචාරකයින් මෙම මධ්‍යධරණී රට වෙත ආකර්ෂණය වෙන නිසාම එහි මිල ගණන් ඉහළ යන්නත් ඉඩ තිබෙනවා. නමුත් දැනට එය යුරෝපයේ ලාභම ගමනාන්තයක් ලෙස ඇල්බේනියාව හඳුන්වන්න පුළුවන්.

එය තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් වුණත්, ඇල්බේනියාවේ පිරිසිදු වෙරළ තීරය, එහි අමුතු අගනුවර, හොඳින් සංරක්ෂණය කරන ලද Ottoman යුගයේ නගර සහ ආකර්ෂණීය Alps වලට එහි යන බොහෝ දෙනා ආදරය කරනවා. සීතල යුද්ධයේදී යුරෝපයේ ‘උතුරු කොරියාව’ ලෙස හැඳින්වූ මෙම හුදකලා වූ රටේ සිත් ඇදගන්නාසුළු ඉතිහාසය ගැන ඔබට ඉගෙන ගන්නත් අවස්ථාව තිබෙනවා. අද එය සංවර්ධනය වෙමින් පවතින රටක් වන අතර වැඩිදියුණු කළ යටිතල පහසුකම් සංචාරක කර්මාන්තයේ දියුණුවට හේතු වී තිබෙනවා. 

ඔයාට USD 10 කට hostel dorms හෝ USD 25 ක් පමණ මුදලකට budget hotel rooms පහසුවෙන් සොයාගන්න පුළුවන්. ඇල්බේනියාවේදී ඔයාට රසවත් ආහාර වර්ග අත්හදා බලන්න පුළුවන් වගේම USD 2 – 4 ත් අතර මුදලකට හොඳ දිවා ආහාරයක් හෝ රාත්‍රී ආහාරයක් ලබා ගන්න පුළුවන්.

යුරෝපයේ අවසාන වන ගංගාවලින් එකක් සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන නව Vjosa Wild River National Park එක 2024 දී පිහිටුවන ලද්දක්. මෙහි සුන්දරත්වය උපරිමයෙන් අත්විඳීමට ඔයාට River rafting චාරිකා යන්නත් පුළුවන්.

ඔයා Backpacker කෙනෙක්නම් දවසකට USD 25ක් වගේ මුදලක් අවශ්‍ය වෙනවා. Mid-range Budget එක විදිහට USD 50ක් වගේ දක්වන්න පුළුවන්.

ඉතින් ඔයත් ඇල්බේනියාවේ සංචාරය කරනවානම් ශාප ලත් කඳු තරණය කරන්න, ලාභ වෙරළ නවාතැන් වල අත්දැකීම විඳගන්න වගේම ඓතිහාසික නගරයක් වන Gjirokaster දැක බලාගන්නත් අමතක කරන්න එපා.

මෙහෙ peak season එක වෙන්නේ ජූලි-අගෝස්තු අතර කාලය. අප්‍රේල්-ජූනි, සැප්තැම්බර්-ඔක්තෝබර් කාලය shoulder season එක විදිහට හඳුන්වන්න පුළුවන්.

Don't forget to share this post!

Recent Posts

707
December 24, 2025