අවුරුද්දේ පළමු ගින්නෙන් ඇවිලෙන වික්ටෝරියාව

  • Home
  • /
  • News
  • /
  • අවුරුද්දේ පළමු ගින්නෙන් ඇවිලෙන වික්ටෝරියාව

වසරේ පළමු heatwave එක රට පුරා ඉහළ උෂ්ණත්වයක් ඇති කිරීම නිසා, මධ්‍යම වික්ටෝරියාවේ පාලනය කළ නොහැකි ලැව් ගින්නක් ඇති වී ඇති අතර ඒ හේතුවෙන් දේපළ රැසක් විනාශ වී ඇතැයි මත පළ කෙරෙනවා.

වික්ටෝරියාවේ ලැව්ගිනි 2ක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් කටයුතු කරමින් සිටින අතර, සිකුරාදා සඳහා පුරෝකථනය කරන ලද ව්‍යසනකාරී තත්වයන්ට පෙර නගර රැසක පිරිස් ඉවත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

Longwood අසල මධ්‍යම වික්ටෝරියාවේ පාලනය කළ නොහැකි ලැව් ගින්නක් හෙක්ටයාර 28,000 ක් පුරා පැතිරී ගොස් ඇති අතර, ගින්නෙන් දකුණට සහ නැගෙනහිරින් පිහිටි නගරවල සිටින්නන්ට ඉවත් වන ලෙස දැනුම් දී තිබෙනවා.

Seymour හි නැගෙනහිරින්, Longwood ගින්න තුළ ඇති Ruffy හි නේවාසික ස්ථානයක් ගින්නෙන් විනාශ වී ඇති බව ABC පුවත් වාර්තා කර තිබුණා.

නිවාස හිමිකාරිය පවසා ඇත්තේ ඇය ඊයේ රාත්‍රියේ ඇගේ පවුලේ අය සමඟ ඉවත් වූ අතර අගේ නිවස ගිනිබත් වී ඇති බවයි.

Ruffy, Strathbogie කඳු වැටිවල පිහිටා ඇති අතර 2021 සංගණනයට අනුව එහි ජනගහනය 164 ක් පමණ වෙනවා.

වෙනත් දේපල හානි පිළිබඳ වාර්තා ඇතත් ඒවා තවමත් තහවුරු කරගත නොහැකි බව State Agency Commander David Nugent පවසා තිබුණා.

මේ අතර ගිනිකොණදිගින් පවතින් ගැඹුරු පීඩන අවපාතය රට තුළට ඇතුළු වීමත් සමග ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රදේශ වලට තද වැසි අපේක්ෂා කරන බවට අනාවැකි නිකුත් කර තිබුණා. දිස්ත්‍රික්ක 7කම ගංගා ද්‍රෝණි වලට ගංවතුර අවදානමක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Don't forget to share this post!

Recent Posts

746
January 9, 2026