Japanese encephalitis (JE) රෝගයේ සැක සහිත අවස්ථාවක් අනාවරණය වීමෙන් පසු NSW හි දකුණු ප්‍රදේශවල ජනතාවට මදුරුවන්ගෙන් ආරක්ෂා වන ලෙස අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
JE යනු මදුරුවන්ගෙන් පැතිරෙන දුර්ලභ නමුත් බරපතල රෝගයක් බවත් හිසරදය, ව්‍යාකූලත්වය, වලිප්පුව සහ සිහිය අඩුවීම ඇතුළු රෝග ලක්ෂණ සහිත දරුණු ස්නායු රෝග ඇති කළ හැකි බවත් NSW Health පවසනවා.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී වෛරසයට නිරාවරණය වී ඇති බවට සැක කෙරෙන Riverina කලාපයේ ජීවත් වෙන වයස අවුරුදු 60 ගණන්වල පුද්ගලයෙකු තුළින් මෙම සිදුවීම විමර්ශනය කර තිබෙනවා.
මෙම වසරේ මුල් භාගයේදී Goulburn අසල ඉහළ Lachlan Shire හි කුකුළන් තුළ ද මෑතකදී මෙම රෝගය අනාවරණය කරගෙන තිබුණා.
එම කුකුළාගේ ප්‍රතිඵලවලින් පෙනී යන්නේ JE රෝගය ප්‍රදේශයේ සංසරණය වීමට ඉඩ ඇති බවයි.
JE සඳහා දැනට නිශ්චිත ප්‍රතිකාර නොමැති වුණත් එන්නතකින් වෛරසය මගින් ආරක්ෂා කළ හැකියි.
Murrumbidgee සහ Southern NSW LHD හි මහජන සෞඛ්‍ය අධ්‍යක්ෂ Alison Nikitas පැවසුවේ, JE අවදානමක් ඇති ප්‍රදේශවල ජීවත් වන හෝ වැඩ කරන ඕනෑම අයෙකු මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීම සහ එන්නතක් වෙන්කරවා ගැනීමට වගේම booster එකක් සඳහා සුදුසුකම් ලබන්නේ දැයි පරීක්ෂා කිරීමට පියවර ගත යුතු බවයි.
“JE සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති බැවින්, මෙම ප්‍රදේශවල ජීවත් වන හෝ සංචාරය කරන පුද්ගලයින්ට ඉහළ අවදානම පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා” යනුවෙන් ද ඇය පැවසුවා.
බලපෑමට ලක් වෙන පුද්ගලයින්ට මෙම එන්නත නොමිලේ ලබා ගන්න පුළුවන්.
මදුරුවන්ගෙන් දෂ්ට වීම වළක්වා ගැනීම සඳහා, NSW Health යෝජනා කරන්නේ නිරාවරණය වූ සමට DEET, picaridin හෝ lemon eucalyptus තෙල් අඩංගු විකර්ෂක යෙදීමයි.
විශේෂයෙන් පිහිනීමෙන් පසු විකර්ෂක නැවත යෙදීමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දෙනවා.
අධි අවදානම් සහිත ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ලිහිල් දිගු කමිස, දිගු කලිසම්, මේස්, ආවරණය කරන ලද පාවහන් පැළඳීමටත්, සවස් යාමයේ සහ අලුයම මදුරුවන් බහුල කාලවලදී පිටතට යාමෙන් වැළකී සිටීමටත් බලධාරීන් උපදෙස් දී තිබෙනවා.
මීට අමතරව, කෘමීන් පලවා හැරීම සඳහා insect sprays, vapours සහ මදුරු දඟර භාවිතා කළ හැකි අතර ජනෙල් සහ දොරවල් කෘමි තිර වලින් ආවරණය කළ හැකියි.
ළදරුවන් සහ කුඩා දරුවන් ආරක්ෂා කිරීම සඳහා, carriers මත මදුරු දැල් භාවිතා කිරීමට බලධාරීන් නිර්දේශ කරයි.
අවසාන වශයෙන්, ඔබේ නිවසේ ජලය එකතු විය හැකි ස්ථාන පිරිසිදු කර ඉවත් කිරීමෙන්, නිවසේ මදුරුවන් බෝවීමේ සම්භාවිතාව අඩු කර ගන්න පුළුවන්.
හිස් භාජන සහ පැරණි ටයර් වැනි අයිතම නිවසින් පිටතට හෝ ඉවතට ගෙන යාමට නිර්දේශ කරනවා.