ප්‍රචාරය කරන ලද රැකියා පුරප්පාඩු සංඛ්‍යාව අඛණ්ඩව පහත වැටීම නිසා ඕස්ට්‍රේලියානුවන්ට නව රැකියාවක් ලබා ගැනීම වඩාත් අපහසු වී තිබෙනවා.
ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් බදාදා නිකුත් කරන ලද රැකියා පුරප්පාඩු දත්ත වලට අනුව, නොවැම්බර් දක්වා මාස 3 තුළ පවතින රැකියා සංඛ්‍යාව තවත් 0.2% කින් පහත වැටී තිබෙනවා.
පසුගිය වසරේ ආරම්භයේදී තිබූ ආකාරයටම මේ වන විට පුරවා නොමැති තනතුරු 326,700 ක් තිබෙනවා. ABS සංඛ්‍යාලේඛනවලින් ද පෙන්නුම් කරන්නේ රැකියා විරහිත ඕස්ට්‍රේලියානුවන් 665,800 ක් සිටින බවයි.
නව තනතුරු 327,000 ක් ප්‍රචාරය කරන ලද අගෝස්තු දක්වා මාස 3 තුළ 2.7% කින් පහත වැටීමක් දක්වනවා. 2025 නොවැම්බර් දක්වා මාස 12 තුළ, රැකියා පුරප්පාඩු 17,800 ක් අඩු වී ඇති අතර එය 5.2% ක පහත වැටීමක්.
විරැකියාව, වර්තමානයේ පවතින 4.3% මට්ටමේ සිට 4.5% දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
ABS කම්කරු සංඛ්‍යාලේඛන ප්‍රධානී Robert Long පෙන්වා දෙන්නේ නොවැම්බර් මාසය දක්වා වසර තුළ 6.8% කින් පහත වැටුණු පෞද්ගලික අංශයේ පුරප්පාඩු මේ තත්ත්වයට බලපා ඇති බවයි. ඒ සමඟම, රාජ්‍ය අංශයේ පුරප්පාඩු 8.9% කින් ඉහළගොස් තිබෙනවා.
රාජ්‍ය පරිපාලන හෝ සෞඛ්‍ය සේවා රැකියා බැහැර කළහොත්, රාජ්‍ය අංශයේ පුරප්පාඩු පවතින්නේ සෘණ අගයක. Rental, hiring සහ real estate services 12.8% කින් පහත වැටුණු අතර ප්‍රවාහන හා ඉදිකිරීම් භූමිකාවන් ද පහත වැටී තිබුණා.