Heatwave මැද ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර සංඥා

  • Home
  • /
  • News
  • /
  • Heatwave මැද ඕස්ට්‍රේලියාවේ ප්‍රදේශ කිහිපයකට ගංවතුර සංඥා

ප්‍රදේශ කිහිපයක් heatwave එකකට සූදානම් වෙමින් සිටයදී තවත් ප්‍රාන්ත කිහිපයක් පුරා ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

NSW, Queensland, South Australia සහ Northern Territory හි පදිංචිකරුවන්ට කාලගුණ විද්‍යා කාර්යාංශය විසින් මෙලෙස ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ගංවතුරට ගොදුරු විය හැකි ප්‍රදේශවල, පදිංචිකරුවන්ට උස් බිම් වෙත යන ලෙස උපදෙස් ලබා දෙනවා.

ක්වීන්ස්ලන්ත අගමැති David Crisafulli පැවසුවේ ප්‍රාන්තයේ උතුරු සහ බටහිර කලාපවල පදිංචිකරුවන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවත්, ප්‍රාන්තයේ සමහර ප්‍රදේශවලට සතියක් තුළ වසරකට සමාන වර්ෂාපතනයක් ලැබෙන බවයි.

නිව් සවුත් වේල්ස් හි, South Coast, Southern Tablelands, North West Slopes සහ Plains, Northern Tablelands සහ Snowy Mountains හි සමහර ප්‍රදේශ සඳහා දැඩි ගිගුරුම් සහිත වැසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

හානිදායක සුළං, විශාල හිම කැට සහ තද වැසි අපේක්ෂා කෙරෙනවා.

ක්වීන්ස්ලන්තයේ, Connors-Isaac සහ Mackenzie ගංගා සඳහා ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීමක් මෙන්ම Fitzroy ගඟ සඳහා මධ්‍යස්ථ ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

දකුණු ඇමරිකාවේ Georgina ගඟට ප්‍රධාන ගංවතුර අනතුරු ඇඟවීමක් ඇති අතර, Eyre Creek වෙත මධ්‍යස්ථ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා..

මේ අතර, WA උතුරු අභ්‍යන්තරය දැඩි heatwave එකක් අත්විඳිමින් සිටිනවා.

Kimberley, Pilbara, Gascoyne සහ South Interior සඳහා දැඩි heatwave අනතුරු ඇඟවීමක් ද ක්‍රියාත්මක වෙනවා.

NT හි Gregory සඳහා ද දැඩි heatwave එකක් පිලිබඳ අනතුරු අඟවා ඇති අතර Tiwi, Barkly, Lasseter සහ Tanami සඳහා ද heatwave අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

ක්වීන්ස්ලන්තයේ, උතුරු නිවර්තන වෙරළ තීරය සහ Tablelands සඳහා දැඩි තාප තරංග අනතුරු ඇඟවීමක් ක්‍රියාත්මකයි.

Don't forget to share this post!

Recent Posts

755
January 14, 2026