ඕස්ට්‍රේලියාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දියුණුව සහ ඒ ආශ්‍රිත රැකියා අවස්ථා වගේම අධ්‍යාපනික අවස්ථා ගැනත් අපි කලින් articles වලිනුත් කතා කළා.
අද අපි බලමු කෘෂිකර්ම ක්ෂේත්‍රය රට තුළ පෙන්වන වර්ධනය ගැන.
කෘෂිකර්මය සහ කෘෂි තාක්‍ෂණය අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයක් වගේම වර්ධනය වන ක්ෂේත්‍රයක්. ලෝක වෙළඳාම සඳහා වගේම ආහාර සුරක්ෂිතතාව සහ පැවැත්ම සඳහා එය වැදගත් වෙනවා.
ඕස්ට්‍රේලියාවේ පරිභෝජනය කරන ආහාර වලින් 93% ක් පමණ ඕස්ට්‍රේලියානු farms වල නිෂ්පාදනය කරන අතර, සෑම ගොවියෙකුම සෑම වසරකම පුද්ගලයින් 600 ක් (ඕස්ට්‍රේලියාවේ 150 ක් සහ විදේශයන්හි 450 ක්) පෝෂණය කිරීමට ප්‍රමාණවත් ආහාර නිෂ්පාදනය කරනවා.
කෘෂිකර්මාන්තයේ සහ කෘෂිකාර්මික තාක්‍ෂණයේ දියුණුව ගැටළු විසඳීමට සහ පවතින ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමට උපකාරී වන නිසාම, කර්මාන්තයට දවසින් දවස වඩාත් දක්ෂ වෘත්තිකයන් අවශ්‍ය වෙනවා.
2022 දී, ඕස්ට්‍රේලියාවේ කම්කරුවන්ගෙන් 2.1% ක් කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර කර්මාන්තය සම්බන්ධ රැකියාවක නිරත වුණා. එම සංඛ්‍යාව පුද්ගලයින් 278,500 ක් පමණ වෙනවා. එම සංඛ්‍යාව 2026 වන විට 5.1% කින්, එනම් 294,700 දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඉතින් දීර්ඝ කාලීනව ඉතා හොඳ ප්‍රතිලාභ ලබාගත හැකි ක්ෂේත්‍රයක් විදිහට ඕස්ට්‍රේලියානු කෘෂිකර්මාන්තය හඳුන්වන්න පුළුවන්.