කලින් articles වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ සිට විවාහයක් ලියාපදිංචි කරන්න අවශ්‍යය සියලුම දේවල් ගැන. අද අපි කියන්නේ විවාහ සහතිකයේ පිටපතක් ලබා ගන්නා ආකාරය ගැන.
මේක අවස්ථා 2ක් යටතේ සලකා බලන්න පුළුවන්.
1 . ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ ලියාපදිංචි කර ඇති විවාහයක් නම් සහ විවාහ සහතිකය එම කාර්යාලයෙන් නිකුත් කර ඇත්නම්;
ඔයාගේ appointment එක සඳහා එම කාර්යාලයට යාමට පෙර විවාහ සහතිකයේ විස්තර [අයදුම්කරුගේ නම, විවාහ ලියාපදිංචි කළ දිනය, අයදුම්පතේ reference no එක (තිබේ නම්) ආදිය] ඇතුළත් කරලා mail@slcgmel.org, email එකට request එකක් ඉදිරිපත් කරන්න.
www.slcgmel.org වෙබ් අඩවියේ දක්වා ඇති application එක download කරගෙන නිවැරදිව පුරවා ඉදිරිපත් කර අදාළ ගෙවීම සිදු කිරීමෙන් පසු ඔයාට ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ කවුන්ටරයෙන් විවාහ සහතිකයේ පිටපතක් ලබා ගන්න පුළුවන්. අයදුම්කරු තම අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ලියකියවිලි සැපයිය යුතුයි. (උදා: වලංගු විදේශ ගමන් බලපත්‍රය).
2 . ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර ඇති විවාහයක් නම්;
www.slcgmel.org වෙබ් අඩවියේ දක්වා ඇති application එක download කරගෙන නිවැරදිව පුරවා, අදාළ ලියකියවිලි සමඟ ශ්‍රී ලංකාවේ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. අයදුම්පතෙහි සහ අදාළ ලියකියවිලිවල ඔයාගේ අත්සන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය හරහා සහතික කරන්න පුළුවන්.
ලේඛන සහතික කළ හැක්කේ ඒවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් නිකුත් කර ඇත්නම් සහ මුල් පිටපත් සමඟ ඉදිරිපත් කර ඇත්නම් පමණයි. අයදුම්කරු තම අනන්‍යතාවය සනාථ කිරීම සඳහා ලියකියවිලි සැපයිය යුතුයි. (උදා: වලංගු විදේශ ගමන් බලපත්‍රය).
ශ්‍රී ලංකාවේ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව අමතා වැඩිදුර තොරතුරු දැනගන්න පුළුවන්.
application එක download කරගැනීම සඳහා: https://www.slcgmel.org/registration-of-marriage/