කලින් අර්ටිච්ලෙස් වලින් අපි කතා කළා ඕස්ට්‍රේලියාවේ සිටින ඔයාට job එකක් හොයාගන්න උදව් වෙන JSC ගැන සහ ඒ හරහා ආවරණය කරන විවිධ රැකියා ක්ෂේත්‍ර ගැන. (රැකියාවක් සොයාගන්න උදව් වෙන මොකක්ද මේ JSC? සම්පූර්ණ විස්තරය කියවන්න: https://www.facebook.com/share/p/1YYVFCL1z6/ )
විවිධ කර්මාන්ත ක්ෂේත්‍ර හරහා ක්‍රියාත්මක වෙන පරිදි VET (vocational education and training) sector එකේ ජාතික ප්‍රතිසංස්කරණවල කොටසක් විදිහට පිහිටවන ලද JSC 10ක් තිබෙනවා. එයින් BuildSkills Australia සහ Future Skills Organisation ගැන අපි කතා කළා.
අද අපි බලමු HumanAbility ගැන.
HumanAbility
HumanAbility පිහිටවලා තිබෙන්නේ ඕස්ට්‍රේලියාවේ care and support workforce එකට සහය වීමට. මෙම අංශය පුද්ගලයන්ට, පවුල්වලට සහාය වීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර අර්ථවත් හා ප්‍රතිලාභදායක වෘත්තීය අවස්ථා ලබා දීමට කටයුතු කරනවා. වෘත්තීය මාර්ග සංවර්ධනය කිරීමට, ශ්‍රම බලකායට සම්බන්ධ අභියෝගවලට මුහුණ දීමට සහ යාවත්කාලීන වෙන නිසි පුහුණුවක් හරහා පුද්ගලයන්ට, අවශ්‍ය කුසලතා කරා ළඟා වීමට විවිධ කර්මාන්ත, රජය, වෘත්තීය සමිති සහ විවිධ පුහුණු සපයන පාර්ශව සමඟ සහයෝගයෙන් කටයුතු කරනවා.
Care and support හා සම්බන්ධ වෘත්තීන් බොහෝ විට පුද්ගලයින්, අරමුණ සහ හැකියාව මත තීරණය වෙනවා. මෙම අංශයේ රැකියා මගින් තවත් අයෙකුට සහාය වීමට අවස්ථාව ලබා දෙන අතරම නායකත්වය, සේවා සැලසුම් කිරීම, අධ්‍යාපනය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා මාර්ග විවර කර දෙනවා. aged care and disability support, early childhood education and care, health and human services, සහ sport and recreation ආදී අංශ හරහා ශ්‍රම බලකායේ ඉල්ලුම ඉහළ යාමත් සමඟ, care and support sector එකේ වෘත්තීය අවස්ථාවල අඛණ්ඩ ඉහළ යාමක් ඔස්ට්‍රේලියාව තුළ දැකගන්න පුළුවන්.
ඔයත් කැමතිනම් care and support sector එකේ රැකියා අවස්තාවක් ලබා ගැනීමට ඔයත් කැමතිනම් ඔයාට පුළුවන් HumanAbility වෙතින් අවශ්‍ය සහය ලබා ගන්න.
HumanAbility: https://humanability.com.au/