ඕස්ට්‍රේලියාවේ ඉන්න ඔයාට කුලියට නිවසක් ලබාගන්න වැදගත් වෙන නීතිමය කාරණා ගොඩක් අපි කතා කරලා තියෙනවා. ඒ නිසා දැන් ඔයා දන්නවා තමන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගෙන කුලියට නිවසක් ලබාගන්න විදිහ වගේම ජීවත් වෙන විදිහ.
ඉතින් අද අපි බලමු මේ විදිහට ඔයාට ලබාගන්න පුළුවන් විවිධ වර්ගයේ කුලී නිවාස මොනවද කියලා.
Residential rental properties කියන්නේ දිගු කාලයක් ජීවත් වීම සඳහා ලබා ගන්නා නිවාස. ඒවා ප්‍රධාන වශයෙන් නිවසේ ව්‍යුහය, ඝනත්වය සහ අවකාශය බෙදා වෙන්කර ඇති ආකාරය අනුව වෙනස් වෙනවා. ඒ ආකාරයට වර්ග කෙරෙන Residential rental properties වර්ග;
- Detached Homes
- Apartments and Units
- Townhouses
- Duplexes and Semi-Detached Homes
- Villas
- Terraces
- Studio Apartments
අද අපි බලමු Detached Homes ගැන.
Detached Homes
Detached Homes කියන්නේ අසල්වැසි නිවාස වලින් පොදු බිත්තියකින් වෙන්කර නොමැති ස්වාධීනව පිහිටලා තිබෙන නිවාස වලට. ඒවා සාමාන්‍යයෙන් තමන්ගේම ඉඩමක පිහිටා ඇති අතර පෞද්ගලිකත්වය අතින් ඉහළ මට්ටමක තිබෙනවා.
ප්‍රධාන ලක්ෂණ:
- පොදු බිත්තියක් නොමැති වෙනම ව්‍යුහයක්
- බොහෝ විට පෞද්ගලික yard එකක්, driveway එකක් සහ garage එකක් ඇතුළත් වෙනවා
- ඇතුළත ඉඩකඩ වැඩි නිසා පවුලකට ජීවත් වීමට හෝ shared house එකක් විදිහට භාවිත කරන්න වඩාත් සුදුසුයි.
- Suburban සහ regional areas වල බහුලව දැකගන්න පුළුවන්.