ඕස්ට්‍රේලියාව කියන්නේ ලෝකයේ රටවල් අතරින් ඉහළම තත්ත්වයේ අධ්‍යාපනයක් ලබාදෙන රටක්. ඕස්ට්‍රේලියානු පාසල් පද්ධතිය ගැන අපි කලින් articles වලින් කතා කරලා තියෙනවා. අද අපි කියන්නේ ඕස්ට්‍රේලියානු පාසල් වලින් ලබාදෙන සුදුසුකම් ගැන.
Australian Tertiary Admission Rank (ATAR)
senior secondary school එක (11 සහ 12 වසර) සම්පූර්ණ කරන විට, සිසුන් විභාග සඳහා පෙනී සිට senior secondary qualification පිළිබඳ නිල සහතිකයක් ලබා ගන්නා අතර ඔවුන්ට එහිදී ATAR score එකක් හිමි වෙනවා. මේ ATAR score එක මඟින් එක් එක් ශිෂ්‍යයාගේ ප්‍රතිඵල ඔවුන්ගේ වසර කාණ්ඩයේ සිටින අනෙක් සිසුන්ට සාපේක්ෂව ශ්‍රේණිගත කිරීමක් තමයි සිදු වෙන්නේ. higher education courses වලට ඇතුළත් වන විට විශ්ව විද්‍යාල විසින් මේ ATAR score එක භාවිතා කරනවා.
ATAR පිළිබඳ වැඩි විස්තර දැනගන්න: https://www.uac.edu.au/future-applicants/atar