2026 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දෙන 3වන තරඟය ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා වේලාවෙන් 16 සඳුදා (අද) රාත්‍රී 7.00 ට (17 වන අඟහරුවාදා 12.30 AM AEDT) ආරම්භ වීමට නියමිතයි.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන මෙම තරඟය කණ්ඩායම් 2ටම තීරණාත්මක වෙනවා.
ක්‍රීඩා කළ තරඟ 2ම ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා කණ්ඩායම +3.125ක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් සමග B කාණ්ඩයේ ඉහළින්ම රැඳී සිටින අතර එහි 2වන ස්ථානයේ පසුවන්නේ ක්‍රීඩා කළ තරඟ 2ම ජයග්‍රහණය කරමින් +1.984 ක අගයක් ලබාගත් සිම්බාබ්වේ කණ්ඩායමයි.
තරඟ 2න් 1ක් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව 3වන ස්ථානයේ රැඳී සිටින්නේ +1.100 ක අගයක් සමඟයි.
ඒ අනුව මෙම තරඟයේ ජයග්‍රහණය සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායම් 2ටම තීරණාත්මක වෙනවා.
Image credit: www.espncricinfo.com