ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න

  • Home
  • /
  • Blog
  • /
  • ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබා ගන්න

අද අපි කතා කරන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ඔයාට ගොඩක් වැදගත් වෙන ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම පිළිබඳවයි.

1948 අංක 18 දරන පුරවැසි පනතේ 19, 20 හෝ 21 වගන්ති යටතේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අවසන් වී ඇති හෝ අවසන් වීමට ඉඩ ඇති පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය සඳහා සුදුසුකම් ලබනවා.

 

මෙම ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන අයදුම්කරුවන් categories 2ක් යටතේ  බැලෙනවා. ඒ නැවත පුරවැසිභාවය ලබා ගැනීම සහ පුරවැසිභාවය දිගටම රඳවා ගැනීම විදිහට.

 

  1. Resumption – වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීමෙන් පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අවසන් වී ඇත්නම්, ඉන්පසු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය නැවත ලබා ගැනීමට කැමති පුද්ගලයින්ට අදාළ විධිවිධාන එම පනතේ 19(2) වගන්තිය මඟින් සපයනවා.

 

  1. Retention – එම පනතේ 19(3) වගන්තිය මඟින් ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය රඳවා ගැනීමට අදහස් කරන අතරම වෙනත් රටක පුරවැසිභාවය ලබා ගැනීමට කැමති පුද්ගලයින් සම්බන්ධයෙන් විධිවිධාන සපයනවා.

 

“Retention” කාණ්ඩය යටතේ ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කරන සහ ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීමට පෙර ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගත් අයදුම්කරුවන්, Australian Citizenship Certificate එකේ පිටපතක් සහ Australian Passport එකේ පිටපතක් ඉදිරිපත් කිරීමෙන් Department of Immigration & Emigration වෙත ඒ බව දැනුම් දිය යුතුයි. ඉන්පසුව තමයි මෙම අයදුම්කරුවන්ගේ අයදුම් කරන category එක ද්විත්ව පුරවැසි සහතිකයේ “Resumption” ලෙස වෙනස් කෙරෙන්නේ.

 

ඉතින් ඉදිරි articles වලින් අපි මේ සඳහා අයදුම් කරන විදිහ, ඒ සඳහා අවශ්‍යය ලියකියවිලි, ගෙවිය යුතු ගාස්තු ආදී සියලුම දේ කතා කරමු.

Don't forget to share this post!

Recent Posts

809
March 25, 2026